Navigating Cyprus law, CRMD immigration, and administrative procedures with confidence — dedicated support for residents, families, businesses and the Sri Lankan community across all Cyprus districts.
සයිප්‍රස් නීතිය, ආගමන දෙපාර්තමේන්තුව (CRMD) සහ පරිපාලනමය ක්‍රියාවලීන් විශ්වාසයෙන් ජයගැනීමට — සයිප්‍රසයේ වෙසෙන සියලු දෙනාට සහ ශ්‍රී ලාංකික ප්‍රජාවට කැපවූ වෘත්තීය සහාය.
Living, working or building a future in another country can bring complex legal and administrative challenges. KYPROPHILIA Consultants Services provides professional guidance and support designed to help clients understand their situation and identify the appropriate next steps.
වෙනත් රටක ජීවත් වීම, වැඩ කිරීම හෝ අනාගතයක් ගොඩනැගීම සංකීර්ණ නීතිමය හා පරිපාලනමය අභියෝග ගෙන එනු ඇත. KYPROPHILIA ග්‍රාහකයින්ට ඔවුන්ගේ තත්ත්වය තේරුම් ගැනීමට සහ සුදුසු ඊළඟ පියවර හඳුනා ගැනීමට උපකාරී වන වෘත්තීය මඟ පෙන්වීමක් හා සහයෝගයක් සපයයි.
Learn About KYPROPHILIA → වැඩිදුර හඳුනාගන්න →From everyday legal concerns to more complex matters, our aim is to make professional assistance easier to understand and easier to access for members of the Sri Lankan community in Cyprus.
එදිනෙදා නීතිමය කරුණු සිට වඩාත් සංකීර්ණ කරුණු දක්වා, සයිප්‍රසයේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින්ට වෘත්තීය සහාය තේරුම් ගැනීමට හා ලබාගැනීමට පහසු කිරීම අපගේ අරමුණයි.
Talk to Us අප සමඟ කතා කරන්නWe listen carefully to your situation.
ඔබේ තත්ත්වය අපි ප්‍රවේශමෙන් සවන් දෙමු.
We communicate clearly and avoid unnecessary legal jargon.
අනවශ්‍ය නීතිමය වචන මාලාවෙන් තොරව පැහැදිලිව සන්නිවේදනය කරමු.
We help you understand the appropriate options and next steps.
සුදුසු විකල්ප හා ඊළඟ පියවර තේරුම් ගැනීමට උදව් කරමු.
Explore our specialized practice chambers. Select any area below to inspect comprehensive Cypriot statutory procedures, key deliverables, official timelines, and book direct legal consultation.
සයිප්‍රසයේ අප සපයන විශේෂඥ නීතිමය හා උපදේශන ක්ෂේත්‍ර පිළිබඳ සම්පූර්ණ තොරතුරු, අදාළ රාජ්‍ය නීති රීති, ක්‍රියාපටිපාටීන් සහ ගතවන කාලසීමාවන් මෙහිදී අධ්‍යයනය කර ඔබට අවශ්‍ය උපදෙස් වෙන්කරවා ගන්න.
Navigating immigration procedures in the Republic of Cyprus requires rigorous adherence to the Aliens and Immigration Law (Cap. 105) and European Union regulatory directives. The Civil Registry and Migration Department (CRMD) enforces strict documentation metrics. Whether securing first-entry general employment permits, extending temporary residence 'Pink Slips', transitioning student visas into legitimate workplace statuses, or regularising prolonged stays, procedural accuracy is indispensable to prevent detention, deportation orders, or European Entry Bans (SIS II stop-lists).
සයිප්‍රස් ජනරජයේ ආගමන ක්‍රියාවලීන් සහ නීති (Cap. 105) මෙන්ම යුරෝපා සංගමයේ නවතම නියෝගයන්ට අනුකූලව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ. සයිප්‍රස් ආගමන දෙපාර්තමේන්තුව (CRMD) මගින් විදේශිකයින් සඳහා දැඩි නීති රීති පනවනු ලබයි. රැකියා බලපත්‍ර ලබාගැනීම, Pink Slip තාවකාලික පදිංචිය දීර්ඝ කිරීම, ශිෂ්‍ය වීසා රැකියා බලපත්‍ර බවට පත්කිරීම හෝ වීසා ගැටලු විසඳීම සඳහා නිවැරදි ලේඛන සකස් කර ඉදිරිපත් නොකළහොත්, අත්අඩංගුවට පත්වීම, පිටුවහල් කිරීම් සහ යුරෝපා තහනම් (SIS Entry Ban) පැනවීමේ අවදානමක් පවතී.
Kyprophilia Consultants delivers end-to-end legal advocacy across every stage of the administrative journey. We compile fully certified, apostilled application dossiers, accompany clients in person to District Aliens and Immigration Branches across Nicosia, Limassol, Larnaca, and Paphos, and liaise directly with senior immigration examiners. In cases of unlawful rejections or sudden detention, our affiliated advocates file urgent administrative recourses before the Administrative Court and initiate emergency interim stay-of-removal petitions under Article 146 of the Constitution.
Kyprophilia Consultants අප විසින් ඔබේ ආගමන කටයුතු මුල සිට අවසානය දක්වා වගකීමෙන් භාරගනු ලැබේ. නිල වශයෙන් Apostille සහතික ලත් ලේඛන ගොනු සම්පාදනය කිරීම, නිකොසියා, ලිමසෝල්, ලාර්නකා සහ පැෆොස් දිස්ත්‍රික් ආගමන කාර්යාල වෙත ඔබ සමඟ පෞද්ගලිකව පැමිණ පෙනී සිටීම සහ නිලධාරීන් සමඟ සෘජුව සම්බන්ධ වී කටයුතු කිරීම අපගේ වගකීමයි. නීතිවිරෝධී ලෙස ප්‍රතික්ෂේප වූ හෝ අත්අඩංගුවට පත් අවස්ථාවලදී සයිප්‍රස් පරිපාලන අධිකරණය හමුවේ හදිසි අභියාචනා සහ පිටුවහල් කිරීම් අත්හිටුවීමේ අතුරු නියෝග ලබාගැනීමට අප කටයුතු කරමු.
Employment relationships in Cyprus are strictly governed by the Termination of Employment Law (Law 24/1967), the Minimum Wage Decrees, and comprehensive collective agreements. Non-EU employees, domestic personnel, agricultural workers, and hospitality staff frequently face severe contractual infractions, including unlawful salary deductions, unpaid overtime, withholding of passports, and sudden dismissal without statutory notice or severance. Knowing your statutory rights under Cyprus and EU labour legislation is the fundamental safeguard against workplace exploitation.
සයිප්‍රසයේ සේවා නියුක්තිය සහ රැකියා අයිතිවාසිකම් කම්කරු නීතිය (Law 24/1967), අවම වැටුප් නියෝග සහ සමාජ රක්ෂණ නීති මගින් දැඩි ලෙස ආරක්ෂා කර ඇත. ගෘහ සේවිකාවන්, හෝටල් සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සේවකයින් මුහුණදෙන ප්‍රධාන ගැටලු වන්නේ අසාධාරණ ලෙස වැටුප් කප්පාදු කිරීම, අතිකාල දීමනා නොගෙවීම, විදේශ ගමන් බලපත්‍ර රඳවා තබාගැනීම සහ කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ වන්දියකින් තොරව හදිසියේ සේවයෙන් පහකිරීමයි. සයිප්‍රස් නීතිය යටතේ ඔබේ අයිතිවාසිකම් නිවැරදිව දැනසිටීම ඔබේ රැකියාවේ සුරක්ෂිතභාවයට අතිශය වැදගත් වේ.
Our advisory team takes decisive action to enforce your contractual entitlements. We initiate formal dispute mediation proceedings before the Department of Labour Relations (DLR), demand complete audits of unpaid social insurance contributions, and calculate exact statutory redundancy entitlements. If conciliation fails, our affiliate advocates represent clients before the Industrial Disputes Tribunal (Dikastirio Ergatikon Diaforon) to secure enforceable judicial awards for unfair dismissal, unpaid holiday allowances, and contractual breach compensation.
ඔබට අහිමි වූ හිමිකම් සහ වැටුප් නැවත ලබාදීමට අපගේ කණ්ඩායම සෘජුව මැදිහත් වේ. දිස්ත්‍රික් කම්කරු සබඳතා දෙපාර්තමේන්තුව (DLR) හමුවේ නිල පැමිණිලි ගොනු කිරීම සහ සමාජ රක්ෂණ (Social Insurance) මුදල් නිසි ලෙස තැන්පත් කර ඇත්දැයි විමර්ශනය කිරීම අප සිදුකරයි. සේවායෝජකයා සමඟ ඇතිවන ආරවුල් සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට නොහැකි වුවහොත්, කම්කරු ආරවුල් අධිකරණය (Industrial Disputes Tribunal) හමුවේ පෙනී සිටිමින් අසාධාරණ සේවයෙන් පහකිරීම් සඳහා වන සම්පූර්ණ වන්දි මුදල් සහ හිඟ වැටුප් ලබාගැනීමට නීතිමය පියවර ගනු ලැබේ.
Family legal proceedings in Cyprus are adjudicated by the specialised Family Courts under Law 23/1990 and applicable European regulations including Brussels IIb. Cross-cultural couples and foreign expatriates often face complex legal questions surrounding the registration of civil marriages across Cypriot Municipalities, civil partnerships (Politiki Symviose), legal divorce proceedings, maintenance obligations, and parental custody. Navigating these sensitive matters requires deep legal acumen and extreme discretion.
සයිප්‍රසයේ පවුල් නීතිමය කටයුතු විශේෂිත පවුල් අධිකරණ (Family Court - Law 23/1990) සහ යුරෝපා සංගමයේ නීති රාමුවට යටත්ව ක්‍රියාත්මක වේ. විදේශිකයන් සහ විවිධ ජාතීන්ට අයත් යුවළයන් මුහුණදෙන සිවිල් විවාහ ලියාපදිංචිය (Civil Marriage), නීත්‍යානුකූල දික්කසාද නඩු, දරුවන්ගේ භාරකාරත්වය සහ නඩත්තු මුදල් ලබාගැනීම පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ඉතා සංවේදී මෙන්ම විධිමත් ලෙස සිදුකළ යුතුය.
Kyprophilia Consultants facilitates seamless municipal marriage preparation, ensuring international certificates, single-status affidavits, and sworn translations satisfy Registrar standards. For marital breakdown, our litigation partners draft petitions for the dissolution of religious or civil marriage, file urgent applications for interim child support and exclusive use of the matrimonial home, and enforce asset division orders across borders.
නගර සභා (Municipalities) හරහා නීත්‍යානුකූල සිවිල් විවාහ කටයුතු ඉක්මනින් හා නිවැරදිව සිදුකර ගැනීමට අවශ්‍ය සියලුම ලියකියවිලි සකස් කිරීම අප විසින් සිදුකරනු ලබයි. විවාහ බිඳවැටීම්වලදී, නීත්‍යානුකූල දික්කසාද අයදුම්පත් ගොනුකිරීම, දරුවන්ගේ භාරකාරත්වය, නඩත්තු මුදල් ලබාගැනීම සහ දේපළ සාධාරණව බෙදාගැනීම වෙනුවෙන් පවුල් උසාවිය හමුවේ පෙනී සිට ඔබේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම තහවුරු කරනු ලැබේ.
Civil law in Cyprus is founded on English Common Law principles, codified primarily under the Contract Law (Cap. 149) and Civil Wrongs Law (Cap. 148). When commercial arrangements, personal loans, business partnerships, or service agreements collapse, aggrieved parties must act decisively within statutory limitation periods. Civil litigation before the District Courts provides robust mechanisms for damage compensation, specific performance, and judicial recovery of unpaid financial obligations.
සයිප්‍රස් සිවිල් නීතිය බ්‍රිතාන්‍ය පොදු නීතිය (Common Law) පදනම් කරගනිමින් Cap. 149 ගිවිසුම් නීතිය යටතේ ක්‍රියාත්මක වේ. ව්‍යාපාරික ගිවිසුම් කඩවීම්, පුද්ගලික ණය මුදල් පැහැර හැරීම්, හවුල්කාරිත්ව ආරවුල් හෝ අලාභහානි සිදුවූ අවස්ථාවලදී දිස්ත්‍රික් උසාවි (District Court) හරහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් ඔබේ මුදල් සහ අයිතිවාසිකම් සම්පූර්ණයෙන් නැවත අයකරගත හැක.
We provide strategic litigation consulting and end-to-end trial coordination. Our advocate partners issue formal pre-action letters of claim, prepare District Court Writs of Summons, and secure urgent provisional remedies including Mareva asset-freezing injunctions and disclosure orders. Following judgment, we execute enforcement remedies, registering judicial encumbrances ('Memo') over debtor real estate and dispatching court bailiffs to seize movable assets.
නඩු පැවරීමට පෙර නීතිමය නිවේදන (Demand Letters) යැවීම, දිස්ත්‍රික් උසාවියේ නඩු ගොනුකිරීම සහ විත්තිකරුගේ වත්කම් හෝ බැංකු ගිණුම් අත්හිටුවීමේ අතුරු තහනම් නියෝග (Freezing Orders) ලබාගැනීම අප සිදුකරයි. නඩු තීන්දුවෙන් පසු, ණයගැතියාගේ ඉඩම් හා දේපළ මත උසාවි තහනම් (Memo) ලියාපදිංචි කිරීම සහ උසාවි නිලධාරීන් මගින් මුදල් අයකරගැනීම දක්වා සියලු පියවර අප මෙහෙයවනු ලබයි.
Being detained or questioned by the Cyprus Police (Astynomia) is a high-stakes emergency that triggers immediate constitutional protections under Article 11 of the Cyprus Constitution and European procedural rights directives. Non-Cypriots are legally entitled to free certified interpretation, immediate confidential access to an independent advocate prior to interrogation, and the absolute right to remain silent. Never sign statements in Greek that you do not fully comprehend.
සයිප්‍රස් පොලිසිය (Astynomia) විසින් අත්අඩංගුවට ගනු ලැබීම හෝ ප්‍රශ්න කිරීමකට ලක්වීම ඉතා බරපතල තත්ත්වයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය සහ යුරෝපා නීතිය අනුව, නීතිඥ සහාය ලබාගැනීමට, නොමිලේ භාෂා පරිවර්තකයෙකු ඉල්ලා සිටීමට සහ ප්‍රකාශ ලබාදීමෙන් වැළකී සිටීමට ඔබට පූර්ණ අයිතිය ඇත. ඔබට සම්පූර්ණයෙන්ම නොතේරෙන කිසිදු ග්‍රීක ලේඛනයකට අත්සන් නොතැබීම අතිශය වැදගත් වේ.
Kyprophilia Consultants operates an urgent rapid-response protocol. Our team dispatches criminal defense advocates directly to police detention facilities across Cyprus, protects suspects against coerced testimony, and vigorously contests 8-day police remand applications before District Judges. For formal trials before District Criminal Courts or the Permanent Assize Court (Kakourgiodikeio), we conduct forensic case preparation, cross-examine prosecution witnesses, and present compelling sentencing mitigation.
හදිසි අවස්ථාවකදී ඕනෑම පොලිස් ස්ථානයකට කඩිනමින් අපගේ නීතිඥවරුන් පිටත් කර යවනු ලැබේ. පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින දින 8ක රැඳවුම් නියෝග (Remand) වලට එරෙහිව කරුණු දැක්වීම, ඇප අයදුම්පත් ඉදිරිපත් කිරීම සහ දිස්ත්‍රික් අපරාධ උසාවියේ මෙන්ම මහාධිකරණයේ (Assize Court) නඩු සඳහා පළපුරුදු නීතිඥවරුන් මගින් ඔබේ නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමු.
Property transactions and leasehold relations in Cyprus require navigating distinct statutory regimes: the Immovable Property Law (Cap. 224), the Sale of Land (Specific Performance) Law (Law 81(I)/2011), and the Rent Control Law (Law 23/1983). Whether purchasing residential property, vetting title deeds for hidden mortgages, or resolving landlord-tenant conflicts, procedural vigilance is essential to protect substantial financial investments and residential security.
සයිප්‍රසයේ නිවාස, ඉඩම් මිලදී ගැනීම් සහ කුලී ගිවිසුම් Cap. 224 සහ කුලී පාලන නීතිය (Law 23/1983) යටතේ පාලනය වේ. නිවාස හෝ ව්‍යාපාරික ස්ථාන කුලියට ගැනීමේදී ඇතිවන ආරවුල්, නීතිවිරෝධී ලෙස කුලිය ඉහළ දැමීම, නිවාසවලින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීම සහ තැන්පතු මුදල් ආපසු නොදීම වැනි ගැටලුවලදී නීතිමය ආරක්ෂාව ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.
We provide end-to-end conveyancing due diligence, executing comprehensive encumbrance searches at District Land Offices and depositing sales contracts for Specific Performance to safeguard buyer priority over bank charges. For tenants and landlords, we draft robust tenancy agreements, conduct mediation to resolve deposit disputes, and defend or pursue eviction proceedings before the Rent Control Court (Dikastirio Elegchou Enoikiaseon).
දේපළ මිලදී ගැනීමේදී ඉඩම් ලියාපදිංචි කාර්යාලය (Land Registry) හරහා බැංකු ණය හෝ නීතිමය බාධා පරීක්ෂා කර ආරක්ෂිත ගිවිසුම් සකස් කිරීම අප විසින් සිදුකරනු ලබයි. කුලී නිවැසියන් සහ හිමිකරුවන් අතර ඇතිවන ගැටලුවලදී කුලී පාලන අධිකරණය (Rent Control Court - Enoikiostasio) හමුවේ පෙනී සිටිමින් අසාධාරණ ඉවත්කිරීම්වලින් ආරක්ෂාව ලබාදීමට කටයුතු කරමු.
Cyprus represents one of the most advantageous corporate jurisdictions in the European Union, offering a flat 12.5% corporate income tax rate, full access to EU directives, and over 65 double taxation treaties. Operating under the Cyprus Companies Law (Cap. 113), private limited liability companies (LTD) provide maximum asset protection and international prestige. However, statutory compliance—including Ultimate Beneficial Owner (UBO) registration and audited accounts—is strictly enforced.
සයිප්‍රසය යනු යුරෝපා සංගමය තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඇති වඩාත්ම ආකර්ෂණීය රටකි. මෙහි සමාගම් ආදායම් බද්ද 12.5%ක් පමණක් වන අතර, ලොව පුරා රටවල් 65කට අධික සංඛ්‍යාවක් සමඟ ද්විත්ව බදු සහන ගිවිසුම් පවතී. Cap. 113 සමාගම් නීතිය යටතේ පුද්ගලික සමාගමක් (LTD) හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන් ඔබට යුරෝපය පුරා නීත්‍යානුකූලව ව්‍යාපාර කටයුතු මෙහෙයවීමේ අවස්ථාව හිමිවේ.
Kyprophilia Consultants handles complete corporate establishment from inception to active trading. We secure name clearances from the Department of Registrar of Companies and Intellectual Property (DRCOR), draft bespoke Memorandums and Articles of Association, register your enterprise for Tax Identification Codes (TIC) and VAT, and structure corporate residency permits for foreign key personnel and executive shareholders.
සමාගම් ලියාපදිංචි දෙපාර්තමේන්තුව (DRCOR) හරහා සමාගම් නාමය අනුමත කරගැනීම, ව්‍යවස්ථාවන් සකස් කිරීම, බදු අංක (TIC) සහ වැට් (VAT) ලියාපදිංචිය මෙන්ම බැංකු ගිණුම් විවෘත කිරීම දක්වා සියලු කටයුතු අප කණ්ඩායම විසින් සිදුකරනු ලබයි. විදේශීය අධ්‍යක්ෂවරුන් සහ සේවකයින් සඳහා නීත්‍යානුකූල ව්‍යාපාරික වීසා ලබාගැනීමටද අප සහාය වන්නෙමු.
Official legal documents intended for Cypriot public authorities, immigration registries, foreign embassies, or overseas courts must adhere to strict verification standards. Under Cyprus legislation, documents frequently require sworn affidavits before District Court Registrars (Grammateas), formal execution before licensed Certifying Officers (Pistopoiountes Ypografon), and international authentication under the Hague Apostille Convention of 1961.
සයිප්‍රස් රජයේ ආයතන, තානාපති කාර්යාල, ආගමන දෙපාර්තමේන්තුව හෝ ශ්‍රී ලංකාව ඇතුළු විදේශීය අධිකරණ වෙත ඉදිරිපත් කරන සියලුම නීතිමය ලේඛන නිසි ප්‍රමිතියට අනුව සකස් විය යුතුය. සයිප්‍රස් දිස්ත්‍රික් උසාවි ලේඛකාධිකාරී (Court Registrar) ඉදිරියේ දිවුරුම් ප්‍රකාශ (Sworn Affidavits) අත්සන් කිරීම, බලයලත් නොතාරිස් සහතික කිරීම් සහ හේග් සම්මුතිය යටතේ Apostille මුද්‍රා තැබීම මේ සඳහා අත්‍යවශ්‍ය වේ.
We provide comprehensive document engineering services. Our team drafts bespoke General and Special Powers of Attorney (POA), sworn declarations (Enorki Dilosi) for immigration and civil disputes, and delivers certified official translations between Greek, English, and Sinhala. We personally process submissions through the Ministry of Justice and District Administrations for same-day or expedited Apostille stamping.
ලංකාවේ හෝ සයිප්‍රසයේ කටයුතු සඳහා අවශ්‍ය ඇටෝර්නි බලපත්‍ර (Power of Attorney - General / Special POA), උසාවි දිවුරුම් ප්‍රකාශ, සහතිකලත් නිල භාෂා පරිවර්තන (සිංහල, ඉංග්‍රීසි, ග්‍රීක) ඉතා කඩිනමින් පිළියෙල කර දෙනු ලැබේ. අධිකරණ අමාත්‍යාංශය සහ දිස්ත්‍රික් පරිපාලන කාර්යාල හරහා Apostille මුද්‍රා තබා ලේඛන ජාත්‍යන්තරව වලංගු කර දීමට අප කටයුතු කරන්නෙමු.
When a public authority or government minister in Cyprus issues an unlawful, discriminatory, or procedurally defective administrative act, Article 146 of the Constitution provides the ultimate legal remedy. Under Article 146, any affected individual or legal entity may lodge a recourse before the specialised Administrative Court to annul executive decisions, including residency cancellations, citizenship rejections, deportation decrees, or tax assessments.
සයිප්‍රස් රජයේ දෙපාර්තමේන්තුවක් හෝ නිලධාරියෙකු විසින් ගන්නා ලද නීතිවිරෝධී, අසාධාරණ හෝ පදනම් විරහිත තීරණයකට එරෙහිව සයිප්‍රස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 146 වගන්තිය යටතේ පරිපාලන අධිකරණය (Administrative Court) හමුවේ අභියාචනයක් ගොනු කළ හැක. වීසා ප්‍රතික්ෂේප කිරීම්, පුරවැසිභාවය අහිමි කිරීම්, රටින් පිටුවහල් කිරීමේ නියෝග හෝ බදු තීරණ අවලංගු කිරීමට මෙමගින් නීතිමය බලය හිමිවේ.
Administrative litigation demands extraordinary precision due to unforgiving statutory deadlines. An Article 146 recourse must be filed strictly within 75 days of decision notification. Our affiliated bar advocates draft rigorous legal pleadings challenging executive overreach, file urgent applications for interim orders to suspend deportations, and submit formal human rights complaints to the Cyprus Ombudsman (Epitropos Dioikiseos).
පරිපාලන අධිකරණයේ අභියාචනයක් ගොනු කිරීම සඳහා කාලය අතිශය තීරණාත්මක වේ. තීරණය දැනුම්දුන් දින සිට දින 75ක් ඇතුළත අභියාචනය ගොනු කිරීම අනිවාර්ය වේ. පිටුවහල් කිරීමේ නියෝග ක්‍රියාත්මක වීම වහාම අත්හිටුවීමේ අතුරු නියෝග ලබාගැනීම, පරිපාලන අධිකරණයේ නඩු පැවරීම සහ සයිප්‍රස් ඔම්බුඩ්ස්මන් (Epitropos) වෙත නිල පැමිණිලි ඉදිරිපත් කිරීම අපගේ පළපුරුදු නීතිඥ කණ්ඩායම විසින් මෙහෙයවනු ලැබේ.
You don't need to know the legal terminology before contacting us. Tell us what happened and we can help direct your enquiry to the appropriate area.
අප අමතන්නට පෙර නීතිමය වචන මාලාව දැනගත යුතු නැත. සිදුවූයේ කුමක්දැයි අපට කියන්න, අපි ඔබේ විමසුම සුදුසු අංශයට යොමු කරමු.
Tell us about your situation.
ඔබේ තත්ත්වය අප වෙත කියන්න.
Discuss the matter with the appropriate professional.
සුදුසු වෘත්තිකයෙකු සමඟ කරුණ සාකච්ඡා කරන්න.
Identify the relevant legal or consultancy considerations.
අදාළ නීතිමය හෝ උපදේශන කරුණු හඳුනාගැනීම.
Determine the appropriate course of action.
සුදුසු ක්‍රියාමාර්ගය තීරණය කිරීම.
If you are facing a legal or administrative issue in Cyprus, contact our team to discuss your situation.
ඔබ සයිප්‍රසයේ නීතිමය හෝ පරිපාලනමය ගැටලුවකට මුහුණ දෙනවා නම්, ඔබේ තත්ත්වය සාකච්ඡා කිරීමට අප කණ්ඩායම හා සම්බන්ධ වන්න.
We assist with a range of legal and consultancy matters including immigration, employment, family, civil, criminal, property, business and documentation matters.
ආගමන, රැකියා, පවුල්, සිවිල්, අපරාධ, දේපළ, ව්‍යාපාරික සහ ලේඛන කරුණු ඇතුළු නීතිමය හා උපදේශන කරුණු රැසකට අපි සහාය දෙමු.
Yes, our team can communicate with you in both English and Sinhala.
ඔව්, අපගේ කණ්ඩායමට ඉංග්‍රීසි සහ සිංහල යන දෙකෙන්ම ඔබ සමඟ සන්නිවේදනය කළ හැක.
Yes, consultations are arranged by appointment so we can give your situation proper attention.
ඔව්, ඔබේ තත්ත්වයට නිසි අවධානය ලබා දිය හැකි වන පරිදි උපදේශන appointment මගින් සකස් කෙරේ.
Contact us by phone, WhatsApp, email or the enquiry form on this page, and our team will arrange a suitable time.
දුරකථනය, WhatsApp, විද්‍යුත් තැපෑල හෝ මෙම පිටුවේ විමසුම් පෝරමය හරහා අප හා සම්බන්ධ වන්න.
Yes, all information shared with us is treated confidentially.
ඔව්, අප වෙත බෙදාගන්නා සියලුම තොරතුරු රහස්‍යභාවයෙන් සලකනු ලැබේ.
Yes. Tell us what happened in your own words and we will help direct your enquiry to the appropriate area.
ඔව්. සිදුවූයේ කුමක්දැයි ඔබේම වචනවලින් කියන්න, අපි එය සුදුසු අංශයට යොමු කරමු.